ප්‍ර‍ථම බෞද්ධ පාසල් 16 අතරට එක්වන ශ්‍රීපාද විද්‍යාලයේ පෙර මිතුදම් සමරන්න සැරසෙයි

ප්‍ර‍ථම බෞද්ධ පාසල් 16 අතරට එක්වන ශ්‍රීපාද විද්‍යාලයේ පෙර මිතුදම් සමරන්න සැරසෙයි

December 19, 2017   10:57 am


හැටන් ශ්‍රී පාද මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය වාර්ෂිකව සංවිධානය කරන ආදි ශ්‍රීපාදයිනට පමණක්ම වු සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය ,කාන්තා දැලිපන්දු තරගාවලිය හා සංගීතවත් සුමිතුරු හමුව දෙසැම්බර් 23 හා 24 දිනවලදි හැටන් ඩන්ඩාර් ක්‍රීඩා පිටියේදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

මධ්‍ය කඳුකරයේ වසර 120 ක පෞඩ ඉතිහාසයක් ඇති මෙරට ස්ථාපිත ප්‍ර‍ථම බෞද්ධ පාසල් 16 අතරට එක්වන ශ්‍රීපාද විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය වාර්ෂිකව සංවිධානය කරන මෙවර සුහඳ හමුව තුළදී 23 වන දින පෙව 9.00 ට එක් පිලකට හය දෙනා බැඟින් වු සැහැල්ලු පන්දු සුහඳ කිකට් තරගාවලිය හා එක් පිලකට අට දෙනා බැඟින් වු කාන්තා දැල්පන්දු තරගාවලිය ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා ඉදිරිපත් වන ක්‍රීඩකයින් පෙ.ව 8.00  වන විට ක්‍රිඩා පිටියට වාර්තා කළ යුතුය.

23 වන දා රාත්‍රි 7.00 ට සංගීතවත් සුහද හමුව හැටන් අජන්තා හෝටලයේදී පැවැත්වේ.

24 වන දා පෙරවරු 8.00ට ආදි ශිෂ්‍ය සංගමයේ අභිනව කාර්යාලය විවෘත කිරීම මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක ශ්‍රීපාද විද්‍යාලිය ආදිශිෂ්‍ය අරුණ ජගත් කීර්ති මහතාගේ සහබාගීත්වයෙන් සිදුකිරීමට නියමිතය.

එමෙන්ම විදුහල් ක්‍රීඩා පිටිය අභියසින් ආරම්භ කෙරෙන රථ පෙළපාළිය මල්ලිඅප්පුව මංසංධිය වෙත ගමන් කර දිඹුල මාර්ගය,පැතිමාර්ගය ඔස්සේ ප්‍ර‍ධාන මාර්ගයට පිවිස ඩන්බාර් ක්‍රිඩා පිටිය වෙත ගමන් කිරීමට සැලසුම් කර තිබේ.

වසරකට වරක් එකතුව පෙර මිතුදම් සොම්නසින් සමරන්න ආදි ශ්‍රී පාදියන්ට ආදිශිෂ්‍ය සංගමය සෙනෙහසින් ඇරයුම් කරති.