ට්‍රැමඩෝල් පෙති 70,000ක් එක්ක 3ක් පොලිස් දැලේ

ට්‍රැමඩෝල් පෙති 70,000ක් එක්ක 3ක් පොලිස් දැලේ

December 10, 2017   12:15 pm


අලෙවි කිරීම සඳහා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු නීති විරෝධී මත් පෙති තොගයක් සමඟ කාන්තාවක ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු වාරියපොල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

වාරියපොල පොලීසියට ලද තොරතුරක් මත වාරියපොල පුත්තලම මාර්ගයේ  සිදුකළ වැටලීමකදී ‍මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එහිදී ට්‍රැමඩෝල් නමැති නීති විරෝධී මත්පෙති 70,000ක තොගයක් පොලිස් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් මන්නාරම, නාත්තන්ඩිය, මීගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.

 ඔවුන් වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.