කට කතාවලට රැවටෙන්න එපා! ජනමතයට පිටුපා කිසිවක් කරන්න ඉඩ දෙන්නේ නෑ

කට කතාවලට රැවටෙන්න එපා! ජනමතයට පිටුපා කිසිවක් කරන්න ඉඩ දෙන්නේ නෑ

December 7, 2017   03:52 pm

2018 අයවැය යෝජනාවල  ගංවතුර පාලන උපක්‍රමයක් ලෙස සඳහන් යෝජනා කිහිපය අතර කෑගලු දිස්ත්‍රික්කයේ දැදිගම ආශ්‍රිතව ජලාශයක් ඉදිකිරීමට ඉදිරිපත් වී ඇති යෝජනාව පිළිබඳව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදහස් දක්වා ඇත.

ඔහු පවසන පරිදි,

"මේ සම්බන්ධව අද පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී මා විසින් මෙම යෝජනා ක්‍රියාත්මක කළහොත් ප්‍රදේශවාසී ජනතාව පත්වන අපහසුතාවයන් පිළිබදව ගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය වෙත දීර්ඝව කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

සාම්ප්‍රදායික ජන ජීවිතයක් ගතකරන ජනතාවගේ ජීවන රටාව පිළිබදව කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

ජනතා මතය නොසළකා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට වූ එකගතාවයකට එන්න පුළුවන් වුනා.

මෙය අයවැය යෝජනාවක් නිසා මුදල් ඇමතිතුමා එතුමාගේ අයවැය පිළිතුරු කතාවේදීත් මේ ගැන ප්‍රකාශ කරන්න එකඟ වුණා."

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාව හිරිහැරයට පත්වන කිසිදු යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන බවත් අසත්‍ය ප්‍රචාර පතුරුවා බොරදියේ මාළුබාන්නට උත්සාහ කරන අයවළුන්ගෙන් ප්‍රවේශම්වන ලෙසත් අමාත්‍යවරයා ජනතතාවගෙන් කරුණාවෙන් ඉල්ලා සිටී.