ජවිපෙනුත් ෆයිසර්ට එරෙහිව විශ්වාසභංගයක්

ජවිපෙනුත් ෆයිසර්ට එරෙහිව විශ්වාසභංගයක්

November 24, 2017   12:23 pm


ජනතා විමුක්ති පෙරමුණ විසින් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් බාර දුන් බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මීට සුළු වේලාවකට පෙර කතානායකවරයා වෙත මෙම යෝජනාව බාර දී තිබේ.

මෙම විශ්වාස භංග යෝජනාව සඳහා බිමල් රත්නායක මහතා හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ සියලුම මත්‍රීවරුන් අත්සන් තබා ඇත.

බිමල් රත්නායක මන්ත්‍රීවරයා විදේශගත විම හේතුවෙන් මෙම යෝජනාවට අත්සන් තබා නැත.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් 5 දෙනෙකුගේ අත්සන සහිතව එහි නායක අනුර කුමාර දිසානායක මහතා විසින් මෙය කතානායකවරයාට බාර දී ඇත.