මිදිවලින් වයින් හැදූ බවට පැරණිතම සාධක සොයාගනී
සයුරෙන් එතෙර

මිදිවලින් වයින් හැදූ බවට පැරණිතම සාධක සොයාගනී

November 15, 2017   12:20 pm




මිදි යුෂවලින් වයින් නිෂ්පාදනය පිළිබඳ ලොව පැරණිතම සාධක ජෝර්ජියාවෙන් සොයාගෙන තිබේ.

විද්‍යාඥයින් පවසන්නේ ජෝර්ජියානු අගනුවර ආශ්‍රිතව සොයාගත් වයින් ගබඩාකර තිබූ බවට සැලකෙන මැටි වලින් සැකසූ භාජන වසර 8000ක් පමණ පැරණි බවයි.

එම මැටි බදුන් වල  මිදි පොකුරු සහ මිනිසුන් නර්තනයේ යෙදෙන රූප අන්තර්ගත කර තිබේ.

මීට පෙර ලොව පැරණිම වයින් නිෂ්පාදනය පිළිබඳ ඊශාන දිග ඉරානයෙන් සාධක හමුවී තිබු අතර එමඟින් වයින් නිෂ්පාදනය වසර 7000ක පමණ කාලයක සිට සිදු වූ බවට විශ්වාස කෙරුණි.