තේරුම් කමිටුවේ කැපිල්ල නිසා දිවි නසා ගන්න ගිය ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා මාධ්‍යයට කිව්ව දේ

තේරුම් කමිටුවේ කැපිල්ල නිසා දිවි නසා ගන්න ගිය ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා මාධ්‍යයට කිව්ව දේ

November 14, 2017   01:53 pm

කෙතරම් දක්ෂතා අතරට පැමිණ සිටියත් තේරුම් කමිටුවෙන් එල්ල වන කැනහිලිකම් ඉවසා ගත නොහැකිව තමන් සිය දිවි නසා ගැනීමට උත්සහා කළ බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයකු පසු ගිය දා මාධ්‍යය හමුවේ පවසා ඇත.

මෙසේ  දිවි නසා ගැනීමට උත්සහා කර ඇත්තේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කුල්දිප් යාදෙව් ය.

ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රකට් තරගාවලයේ කල්කටා නයිට් රයිඩර්ස් නියෝජනය කරමින්  දස්කම් පා ඉන්දීය ජාතික කණ්ඩායමට එක් වීමට වරම් ලද 22 හැවිරිදි මෙම තරුණ ක්‍රීඩකයා  ජාතික කණ්ඩායමේ දී දඟ පන්දු යවන්නකු ලෙස කැපී පෙනන දස්කම් පා ඇත.

පසු ගිය මාර්තු මාසයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වූ යාදෙව් ඉතා කෙටි කාලයක් තුළ ජාතික කණ්ඩායම තුළ දැක් වූ දස්කම් නිසා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨයින් වන රවිචන්ද්‍රන් අශ්වින් ට සහ රවින්ද්‍ර ජඩේජා යන ක්‍රීඩකයන්ට කණ්ඩායමේ  සිය ස්ථානය අහිම වී යන තත්ත්වයක්ද උදා වී ඇතැයි වාර්ථා වේ.

කුල්දිප් යාදෙව් මේ වන විට ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 2කට සහභාගී වී කඩුළු 9 ක් ද එක්දින තරග 12 කට ක්‍රීඩා කර  කඩුලු 19 ක් ද  20 යි 20 තරග  5 කින්   කඩුලු 6 ක් ද දවාගෙන තිබේ.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති එක්දින තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් යාදේව් තරගයේ වීරයා ද විය.

මැනික් කටුව අසාමාන්‍ය ලෙස භාවිතා කරමින් දඟ කවන  පන්දුවෙන් පිති කරුවන් ට අභියෝග කරන යාදෙව් ඉන්දීය මාධ්‍ය සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ,
ඔහුට වයස අවුරුදු 13 දී උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත කණ්ඩායමේ ‍15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අරමුණ ඇතිව පුහුණු වීම් කළත්  තේරීම් කමිටුව ඔහුට ඒ අවස්ථාව ලබා නොදුන් බවයි.

"මට එදා ලොකු දුකක් කලකිරීමක් ඇති වුණා. මම එදා ක්‍රිකට් ක්‍රීඩාව සඳහටම අත හරින් හිතුවා. ක්‍රීඩාවෙන් විතරක් නෙවෙයි ජීවිතෙන් සමු ගන්නත් මම හිතුවා. මම සිය දිවි නසා ගන්න උත්සහා කළා. නමුත් ඒ උත්සාහය සාර්ථක වුනේ නෑ."
යනුවෙන් මාධ්‍ය ඉදිරියේ පැවැසූ යාදෙව් එදා ඒ දිවි නසා ගැනීමේ උත්සහය ව්‍යර්ථ වීම ගැන අද සතුටු වන බවද පවසා තිබුණි.