ඇතාට කෙහෙල් ගෙඩියකුත් කවා මිතුරන් ඉදිරියේ බාහුබලි වෙන්න ගිය කම්කරුවට වෙච්ච දේ (වීඩියෝ සහිතයි)
සයුරෙන් එතෙර

ඇතාට කෙහෙල් ගෙඩියකුත් කවා මිතුරන් ඉදිරියේ බාහුබලි වෙන්න ගිය කම්කරුවට වෙච්ච දේ (වීඩියෝ සහිතයි)

November 14, 2017   10:59 am

ජනප්‍රය කොලිවුඩ් චිත්‍රපටියක් වන බාහුබලි හි වීරයා මෙන් ඇතකුගේ ඇත්දළ යුව‍ළේ එල්ලී ඇතා පිට නැගීමට උතසහා කළ තරුණයකු ඇතා පහර දී බරපතල තත්ත්වයෙන් රෝහල්ගත කර ඇත.

සාජි නම් 40 හැවිරිදි දැව පැටවීමේ යෙදී සිටින කේරළ කම්කරුවෙකු මෙම අවාසනාවන්ත ඉරණමට මූන පා ඇත.

කපා ඇති කොටන් ඇදීමට හා පැටවීමට රැගෙන ආ ඇතකු ගසක ගැට ගසා සිටියදී සාජිට මොහොතකට අමරේන්ද්‍ර බාහුබලී වීමට සිතී ඇත.

සිය මිතුරන් ඉදිරියේ මෙම වීර ක්‍රියාව කර වීරයෙක් වීමට සිතූ සාජි මුලින්ම ඇතා මිත්‍ර කර ගැනීමට ඇතාට කෙසෙල් ගෙඩියක්ද දී ඇත.

අනතුරුව අමරේන්ද්‍ර බාහුබලී මෙන් ඇතා ඉදිරියට ගොස් ඇතාගේ ඇත් දළ යුවළෙන් අල්ලා ගෙන ඇතා මතට ගොඩ වීමට උත්සාහා කළ අවස්ථාවේ ඇතා එකවරම සිය හොඬයෙන් සාජිව තල්ලු කර දමා ඇත.

ඇතාගේ ප්‍රහාරයෙන් මීටර 25ක් පමණ ඈතට විසි වී ගිය සාජී ගේ බෙල්ල කැඩී ඇත.

මේ සියල්ල ඔහුගේ මිතුරකු විසින් සිය ජංගම දුරකථනයෙන් රූ ගත කර ඇති අතර එම වීඩියෝව මේ වන විට අන්තර් ජලාය හරහා වේගයෙන් පැතිර යයි.

එම වීඩියෝව ඉහළින් නරඹන්න.