මාරක අනතුරු 2ක්-පුද්ගලයින් 2ක් මරුට

මාරක අනතුරු 2ක්-පුද්ගලයින් 2ක් මරුට

October 20, 2017   11:02 am

අම්බලන්තුරේ ප්‍රධාන මාර්ගයේ අම්බලන්තුරේ හංදිය අසල සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත. 

පට්ටිපොල හංදියේ සිට අම්බලන්තුරේ හංදිය දෙසට ගමන් කළ ට්‍රැක්ටර් රථය යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරෙන් මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්තුරේ ප්‍රදේශයේම පදිංචි 27 හැවරිදි ශිවඥානම් නිත්‍යනන්දන් නැමති පුද්ගලයෙක් බව කොක්කඩිචෝලේ පොලීසිය පවසයි.

කොක්කඩිචෝලේ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

මේ අතර, මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ සීදුව යුද හමුදා විෂේශ බලකා කඳවුර අසලදි සිදු වු රිය අනතුරකින් තවත් පුද්ගලයෙකු මියගොස් ඇත. 

කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වු කන්ටේනර් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ගමන් කළ පාපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබේ. 

අනතුරින් මියගොස් ඇත්තේ ජාඇල ප්‍රදේශයේ පදිංචි 27 හැවරිදි අකිල තුෂාන් චානක නමැති පුද්ගලයෙකු බව සීදුව පොලීසිය පැවසීය. 

අනතුර සම්බන්ධයෙන් සීදුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.