වසර 10කට පසු රෝහිත් ෂර්මාට තනතුරක්

වසර 10කට පසු රෝහිත් ෂර්මාට තනතුරක්

August 17, 2017   10:37 am

ඉන්දීය එක්දින කණ්ඩායමේ උප නායකත්වයට පත්වීමට ලැබීම තමා ලද භාග්‍යයක් බව රෝහිත් ෂර්මා පවසයි.

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ උප නායකත්වයට රෝහිත් ෂර්මා පත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය පසුගියදා පියවර ගනු ලැබීය.

රෝහිත් ෂර්මා ඉන්දීය කණ්ඩායම නියෝජනය කරමින් වසර 10කට අධික කාලයක් ජාත්‍යන්තර එක්දින තරඟ සඳහා සහභාගී වී ඇති අතර ඔහු කණ්ඩායමේ උපනායකත්වයට පත්වූ පළමු අවස්ථාව මෙයයි.

කණ්ඩායම වෙනුවෙන්  ක්‍රීඩා කිරීම තම එකම අරමුණ වී තිබූ බව පවසන රෝහිත් ෂර්මා වසර 10කට පසුව හෝ කණ්ඩායමේ තනතුරක් හිමි වීම පිළිබඳ තමා අතිශයින් සතුටට පත් වන බව ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

2007 වසරේදී ජාත්‍යන්තර එක්දින පිටියට පිවිසි රෝහිත් ෂර්මා තරඟ 158කට සහභාගී වී ලකුණු 5435ක් ලබාගෙන තිබේ.