ඉන්දියාවේ ගංවතුරින් පුද්ගලයින් 110 ක් මරුට
සයුරෙන් එතෙර

ඉන්දියාවේ ගංවතුරින් පුද්ගලයින් 110 ක් මරුට

July 27, 2017   01:13 pm


ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 110කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

ගුජරාට් , අරුනාචල් සහ අසෑම් යන ප්‍රාන්තවලට මෙම ගංවතුර තත්ත්වය බලපා ඇති බව සඳහන් වෙයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල පුද්ගලයින් 36,000කට ආසන්න සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ගුජරාට් ප්‍රදේශයේ දී ගංවතුර තත්ත්වයට ගොදුරු වීමෙන් මියගිය එකම පවුලේ පුද්ගලයින් 17 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇති බව ද එරට පොලීසිය පවසයි.

මේ අතර ගංවතුරින් පීඩාවට පත් වූ පුද්ගලයින් හට සහන සැලසීම සදහා කඩිනමින් ක්‍රියාත්මක වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.