කොළොන්නාව උණුසුම්- පිරිසක් අත්අඩංගුවට

කොළොන්නාව උණුසුම්- පිරිසක් අත්අඩංගුවට

July 26, 2017   02:30 pm

කොළොන්නාව ඛනිජ තෙල් අංගනය අසල කලහකාරීව හැසිරුණු වෘත්තීය සමිති නායකයින් ඇතුළු සේවකයින් 13 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම තත්ත්වය සමඟ කොළොන්නාව-කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

කෙසේ වෙතත් මේ වන විට පොලීසිය ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරීමට කටයුතු යොදමින් සිටින බව ද වාර්තා වෙයි.