දෙහිවල උසස් තාක්ෂණ ආයතනය වසා දමා මාස එක හමාරයි - සිසුන්ගෙන් මැසිවිලි

දෙහිවල උසස් තාක්ෂණ ආයතනය වසා දමා මාස එක හමාරයි - සිසුන්ගෙන් මැසිවිලි

June 19, 2017   04:11 pm



කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව දෙහිවල උසස් තාක්ෂණ ආයතනය මාස එක හමාරකට වැඩි කාලයක් වසා දමා ඇති බව එහි සිසුන් පවසයි.

ශිෂ්‍ය විරෝධතාවකින් අනතුරුව ආයතන පරිපාලනය මඟින් දෙහිවල උසස් තාක්ෂණ ආයතනය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බව  ශිෂ්‍ය සංගමයේ සභාපති ෂෙහාන් අතුකෝරල සඳහන් කළේය.

විශ්වවිද්‍යාල සිසුන්ට රුපියල් 5000ක දක්වා වැඩිකළ මහපොළ ශිෂ්‍යත්ව මුදල තමන්ට ද වැඩි කරන ලෙස  ඉල්ලා සිටිම ඇතුළු ඉල්ලීම් මුල් කර ගනිමින් පසුගියදා දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් අදාළ විරෝධතාවක් පවත්වා තිබුණි.