ලන්ඩන් නුවර දී  වාහනයක් පිරිසක් යට කරයි
සයුරෙන් එතෙර

ලන්ඩන් නුවර දී වාහනයක් පිරිසක් යට කරයි

June 19, 2017   08:37 am



බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දී වාහනයක් ජනතාව අතරට ධාවනය කරවීමේ සිද්ධියකින් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා තිබේ.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ ලන්ඩනයේ උතුරු දිග ප්‍රදේශයේදීය.

මීට නොබෝ වේලාවකට පෙර නිකුත් වූ විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඒ සමගම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර සියලූ හදිසි සේවා ක්‍රියාවට නැංවූ බව එරට පොලීසිය පවසයි.

කෙසේ වෙතත් මෙම සිද්ධියේ වැඩිදුර තොරතුරු කිසිවක් මෙතෙක් වාර්තාවී නොමැත.

මීට පෙර ද ඉකුත් 03 වන දා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් පාලම මතදී පුද්ගලයින් වෙත වෑන් රථයක් ධාවනය කිරීමෙන් අයි එස් සාමාජිකයින් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

ඉන් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් සැලකිය යුතු පිරිසකට තුවාල සිදු විය.