රණවිරුවන්ගේ සුබසාධනයට කාර්යයන් රැසක් සිදුකළා

රණවිරුවන්ගේ සුබසාධනයට කාර්යයන් රැසක් සිදුකළා

May 19, 2017   09:21 pm




වත්මන් ආණ්ඩුව රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් කාර්යයන් රැසක් සිදුකර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පවසන්නේ සෑම රණවිරුවෙකුටම නිවසක් ලාබදීමේ වැඩපිළිවෙළ මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

අද පස්වරුවේ පාර්ලිමේන්තුව අසළ රණවිරු ස්මාරකය අභියස පැවති රණවිරු සැමරුම් උළෙලට සහභාගීවෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.