පාප් වහන්සේගෙන් ඊජිප්තු ආගමික නායකයින්ට ඉල්ලීමක්
සයුරෙන් එතෙර

පාප් වහන්සේගෙන් ඊජිප්තු ආගමික නායකයින්ට ඉල්ලීමක්

April 29, 2017   05:09 pm

ආගමික ප්‍රචන්ඩත්වය සහ ගැටුම් පිටු දකින ලෙස අති උතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ඊජිප්තුවේ සියලුම ආගමික නායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

දෙදින නිල සංචාරයක් සදහා ප්‍රැන්සිස් පාප් වහන්සේ ඊජිප්තුවේ කයිරෝ නුවරට පැමිණ සිටින අතර එහිදී උන් වහන්සේ විශේෂ දේව මෙහෙයකට එක්ව ඇති බව වාර්තා වෙයි.

කයිරෝ අගනුවර හමුදා ක්‍රිඩාංගණය ආසන්නයේ පිහිටි දේවස්ථානයට මෙම දේවමෙහෙය පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදී උන් වහන්සේ මෙම අදහස් පළ කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊජිප්තුවේ බෝම්බ පිපිරිමක් සිදුවිමෙන් සති තුනකට පසුව අති උතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ඊජිප්තුවට පැමිණිම ද විශේෂත්වයක් වෙයි.