ඒකාබද්ධයෙන් මුදල් අමාත්‍යාංශයට චෝදනා

ඒකාබද්ධයෙන් මුදල් අමාත්‍යාංශයට චෝදනා

April 25, 2017   10:37 pm

මුදල් අමාත්‍යාංශය විනිමය පාලන පනත සංශෝධනය කිරීමෙන් එල්.ටී.ටී.ඊ ඩයස්පොරාවට අයත් නීතියානුකූල නොවන මුදල් මෙරටට ගෙන එ්මට උත්සහ කරන බවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කරයි.

අද (25) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.

රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් සම්පුර්ණ බලය පාර්ලිමේන්තුව සතු වන නමුත් වර්තමාන තත්ත්වය තුළ මහා බැංකුවේ මුදල් මණ්ඩලයට තිබෙන බලය මුදල් අමාත්‍යවරයා උදුරා ගෙන ඇති බව ද බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ය.

මේ අතර ජී.එස්.පී. ප්ලස් සහනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ ලංකාවට එහි ප‍්‍රතිලාභ ලබා ගැනීමට නම් සාරධර්ම විරෝධී කොන්දේසි සදහා එකගත්වය ලබා දිය යුතු බවත් එසේ නොවන්නේ නම් එය නොලැබී යාමේ අවදානමක් පවතින බවත් ය.