කිමිඳුම් පුහුණුවේදී නාවික භටයෙක් මරු තුරුළට

කිමිඳුම් පුහුණුවේදී නාවික භටයෙක් මරු තුරුළට

April 25, 2017   09:31 am


ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් පුහුණුවක යෙදී සිටියදී නාවික භටයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (24) කෝචි නාවික මුහුදු තීරයේදී කිමිදෙමින් සිටි මෙම නාවික භටයා ජලය මතුපිට පාවෙනු දැක හදිසි ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව නාවික රෝහලට ඇතුළත් කර තිබේ.

නාවික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 39 හැවිරිදි වයි.පී.එන්.ආර් වීරසිංහ නැමති අයෙකි.