උතුරු කොරියානු දේශසීමා ආසන්නයේ බර යුධෝපකරණ ස්ථානගත කරයි
සයුරෙන් එතෙර

උතුරු කොරියානු දේශසීමා ආසන්නයේ බර යුධෝපකරණ ස්ථානගත කරයි

April 21, 2017   01:22 pm




රුසියාව , උතුරු කොරියානු දේශසීමා ආසන්නයේ බර යුධෝපකරණ ස්ථානගත කර තිබේ.

උතුරු කොරියාව සහ අමෙරිකාව අතර නිර්මාණය වී ඇති යුධ වාතාවරණය හේතුවෙන් රුසියාව මෙම පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

යුධෝපකරණ දුම්රියට සම්බන්ධ කර දේශසීමාව වෙත රැගෙන යන දර්ශන රුසියානු මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර ඇති අතර යුධ ටැංකි ඇතුළු සන්නද්ධ හමුදාව ද එම ප්‍රදේශවෙත යොමු කර ඇති බව වාර්තා වේ.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පාලනය කිරිමට රුසියාව මැදිහත් වුවද ඒ පිළිබඳ අමෙරිකානු ක්‍රියාකලාපය රුසියාවේ විවේචනයට ලක්ව තිබේ.