දික්ඔය රෝහල් සංකිර්ණය විවෘත කරන්න මෝදි එනවා

දික්ඔය රෝහල් සංකිර්ණය විවෘත කරන්න මෝදි එනවා

April 21, 2017   10:39 am



මෙරට පැවැත්වෙන එක්සත් ජාතින්ගේ වෙසක් උත්සවයට සහභාගි වන ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා ඉන්දිය ආධාර යටතේ හැටන් දික්ඔය මුලික රෝහලේ ඉදිකළ අංග සම්පුර්ණ රෝහල් සංකිර්ණය විවෘත කිරිම සඳහා ලබන මස 12 වන දින දික්ඔය මුලික රෝහල වෙත පැමිණෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි. රාධා කි‍්‍රෂ්නන් මහතා පවසයි.

 ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා වතුකරයට පැමිණීම සම්බන්ධයෙන් කදුරට නව ගම්මාන වතු යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා සහ ප‍්‍රදේශයේ ආරක්‍ෂක අංශ නිලධාරින්, රාජ්‍ය නිලධාරින් හා ඉන්දිය දුත පිරිසක් සමඟ ඊයේ (20) පස්වරැවේ නොර්වුඩ් කි‍්‍රඩාංගණයේදි පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

දික්ඔය මුලික රෝහලේ නව රෝහල් සංකිර්ණය විවෘත කිරිමෙන් අනතුරුව ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා වතුතකරයේ ජනතාව හමුවන විශේෂ ජන හමුවක් එදින නොර්වුඩ් කි‍්‍රඩාංණයේදි පැවැත්වෙන බව මෙම රැස්වීමට සහභාගි වු අමාත්‍යවරුන් දෙපල පැවසුවේය. මෙම රැස්වීම සඳහා අතිගරු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු මැතිඇමතිවරුන් රැසක් මෙම ජන හමුවට සහභාගි විමට නියමිතය.