මධ්‍යම පැරීසියේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් මරු දකියි
සයුරෙන් එතෙර

මධ්‍යම පැරීසියේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙක් මරු දකියි

April 21, 2017   09:16 am



මධ්‍යම පැරීසියේ සිදු වී වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

 ආරක්ෂ අංශ සිදු කළ ප්‍රතිප්‍රහාර වලින් වෙඩි තැබූ පුද්ගලයා ද මියගොස් ඇති බව වාර්තා වේ.

මෙය ත්‍රස්තවාදී ක්‍රියාවත් බව ප්‍රංශ ජනාධිපති ප්‍රංෂුවා හොලන්ද් ප්‍රකාශ කර තිබේ.

අදාළ ප්‍රහාරය අයි.එස් ත්‍රස්තවාදීයෙකුගේ ප්‍රහාරයක් බවට සැලකෙයි.