කිරිඇල්ලේ පුද්ගල ඝාතනයක්

කිරිඇල්ලේ පුද්ගල ඝාතනයක්

April 20, 2017   08:41 am



කිරිඇල්ල, මාටුවාගල ප්‍රදේශයේ දී පුද්ගල ඝාතනයක් සිදුව තිබේ.

ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට කිරිඇල්ල පොලීසියට ලද තොරතුරකට අනුව මළ සිරුර සොයාගෙන තිබේ.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙකි.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කිරිඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.