ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීම ගැන උතුරේ ධීවරයින්ගේ අප්‍රසාදය

ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීම ගැන උතුරේ ධීවරයින්ගේ අප්‍රසාදය

March 27, 2017   12:10 pm




ශ්‍රී ලංකාව බාරයේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීම සම්බන්ධයෙන් උතුරේ ධිවරයින් සිය අප්‍රසාදය පළ කර තිබේ.
 
මේ වන විට ශ්‍රී ලංකාව බාරයේ ඉන්දිය ධිවර යාත්‍රා විශාල ප්‍රමාණයක් පවතින අතර 2015 ට පෙර ඒවා නිදහස් කිරීමට ශ්‍රී ලංකා බලධාරින් පියවර ගෙන ඇත.
 
ඉන්දිය ධිවර යාත්‍රා නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයින් පවසන්නේ ඔවුන්ට ධිවර යාත්‍රා ලබාදුනහොත් යළි මෙරට මුහුදු සීමාවට පැමිණ ධීවර කටයුතු වල නිරත නොවනු ඇති බවය.
 
එම හේතුව නිසා  ඉන්දීය ධීවරයින්ට බෝට්ටු ලබාදීම පිළිබඳව උතුරේ ධිවරයින් දැඩි අප්‍රසාදය පළ කර ඇති බව වාර්තා වේ.
 
කෙසේ වෙතත් ඉන්දිය බෝට්ටු මෙරට තුළ ගාල් කර තැබිම හේතුවෙන් මෙරට ධිවර යාත්‍රා වලට ද දැඩි ගැටළුවක් මතුව ඇති බව ධිවර අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
 
ඉන්දිය ධීවර යාත්‍රා දැඩි ලෙස අබලන්ව පැවතීම හේතුවෙන් ඒවායේ ඉන්ධන මුහුදුට එක්වන බව සඳහන්වේ.
 
ඒ හේතුවෙන් විශාල පාරිසරික ගැටළුවක් ද මතුව ඇති බව ධීවර අමාත්‍යංශය පෙන්වා දෙයි.