අමාත්‍ය ධුරවල සිදුවන වෙනස්කම් ගැන තීරණයක් නෑ

අමාත්‍ය ධුරවල සිදුවන වෙනස්කම් ගැන තීරණයක් නෑ

March 21, 2017   08:23 am


අමාත්‍ය ධුරවල වෙනස්කම් සිදුවන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය  මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එවන් සංශෝධනයක් සිදුකිරීමේ අවශ්‍යතාව පවතින්නේ නම් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් එම තීරණය ගනු ඇති බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධයවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.