ස්වයං බැංකුකරණ ඒකක දුම්රිය ස්ථාන 300ක්

ස්වයං බැංකුකරණ ඒකක දුම්රිය ස්ථාන 300ක්

February 27, 2017   09:52 pm



ශ‍්‍රී ලංකාවේ මෙතෙක් කිසිදු ස්ථානයක සවිකොට නොමැති අති නවීන තාක්ෂණයෙන් සපිරි ස්වයං බැංකුකරණ ඒකක 300ක් දුම්රිය පොළ ස්ථාන 300ක සවිකිරීමෙන් මහජන බැංකුවටත්,  දුම්රිය  දෙපාර්තමේන්තුවටත් පොදුවේ රටේ පොදු ජනතාවටත් සුවිශාල සේවා පහසුකමක් සැලසෙන බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා  මහතා මේ අදහස් ප‍්‍රකාශ කළේ මහජන බැංකුවේ නව ස්වයං බැංකුකරණ ඒකක 300ක් දුම්රිය ස්ථාන වල ස්ථාපිත කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළ සඳහා ද්විපාර්ශික ගිවිසුමට බත්තරමුල්ල පිහිටි ප‍්‍රවාහන අමාත්‍යාංශයේදී අත්සන් තැබීමේ උත්සවයට එක්වෙමිනි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු නවීකරණය කළ යුතුව තිඛෙනවා.  අපි ඒ සඳහා වැඩ කොටසක් සිදු කරමින් ඉන්නේ.  ඒවාගේම දුම්රියපොළ ස්ථාන දර්ශනීය අලංකාර,  පොදු ජනතාවගේ සිත් ගන්නා තැනැක් බවට පත්කිරීමේ වැඩපිලිවෙළක් ක්‍රියාත්මකයි.  මගී ජනතාවට අවශ්‍ය සෑම පහසුකමක්ම ලබාදීමටයි  අපි කටයුතු කරන්නේ.  ඒ අනුව ගතානුගතික ක්‍රමවේදයට දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර ලබා ගැනීමේ පිළිවෙතින් මිදී වඩාත් කාර්යක්ෂම,  පහසු නව ක්‍රමවේදයක් අපි ඉදිරියේදී හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා.යැයි  ප‍්‍රවාහන ඇමතිවරයා පැවසීය.

එහිදී ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ ද කියා සිටියේය,

 මේ රටේ ජනතාව ඩිජිටල් තාක්ෂණය සමඟ ඉදිරියට යමින් ඉන්නේ.  අපට තවම 18 වැනි ශතවර්ෂයේ ඉන්නට බැහැ.  පැරණි විදිහට මුදල් ගණන් කර කර,  මිටි බැද බැද ඉන්න බැහැ.  ඒවා ඔක්කොම එකතු කරලා සංරක්ෂිතව,  කාර්යක්ෂමව,  කඩිනමින්,  සැනින් බැංකු වෙත යවන වැඩ පිළිවෙළකට අපි යන්න ඕනෑ.  ජනතාවට සුරක්ෂිත ඒවාගේම නවීන තාක්ෂණයට අනුව මුදල් ගනුදෙනු කිරීමේ අවශ්‍යතාවය අපි සකස් කරලා දෙන්න ඕනෑ.  රාජ්‍ය අංශයේ බැංකුවක් වන මහජන බැංකුව අද අප සම`ග අත්වැල් බැදගෙන නව තාක්ෂණය අපේ මගී ජනතාවට උරුම කරදීමට ඉදිරිපත්වීම අගය කරනවා.  ඒ පිළිබඳව අපි රජයක් හැටියට මහජන බැංකුවේ සැමට ස්තූතිය පුදකරන්න  කැමතියි.  මේ නව වැඩපිලිවෙළ දුම්රිය මගීන්ට උත්තේජයක් බවට පත් වෙයි කියා අපි සිතනවා.  දුම්රිය ස්ථාන ඉතා කාර්යබහුල තැනක් බවට පත්වෙනවා.  දුම්රිය ස්ථානයට එන යන ගමන් විදුලි බිලත් ගෙවාගෙන,  සල්ලි ඕන නම් ස්වයංක්‍රීය ටෙලර් යන්ත‍්‍රයෙන් සල්ලිත් අරගෙන ආරක්ෂිිතව ගෙදරට යන්න ජනතාවට පුළුවන්කම ලැඛෙනවා.  බස් නැවතුම්පොළට ගියවිට මගී ජනතාවට මේ අත්දැකීම ලබා ගන්න බැරි වෙයි.

දුම්රිය ස්ථාන තුළ මෙය ආරක්ෂිතයි. අපිට ශක්තිමත් ආරක්ෂිත සේවාවක් වැඩ පිළිවෙළක් තිඛෙනවා.  ඒ සියලු දෙනාගෙම සහයෝගයෙන් අපට හොඳ සේවාවක් ජනතාවට සලසලා දෙන්න පුළුවන්කම තිඛෙනවා.

අපි දුම්රිය දෙපාර්තමේන්තුව නවීකරණය වෙන්න ඕනෑ.  දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර ලබාදීම ගතානුගතික ක්‍රමවේදයටම සිදුවෙන්න උවමනා නැහැ.  පහසු කමයට ටිකට් ලබාදෙන ක්‍රමයක් අපි හඳුන්වාදෙන්න ඕනෑ.  ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් ඉන්නවා.

අපිට ඒ සඳහා රාජ්‍ය අංශයේ බැංකුවක් වන මහජන බැංකුව අත්වැල් බැඳ ගැනීම වටිනවා.  රාජ්‍ය බැංකුවල තිරසාර පැවැත්ම අපි අගය කරනවා.  රටේ ආර්ථික අර්බුදයක් ඇති වූ හැම වේලාවකදීම භාණ්ඩාගාරයට උදව් කරන්නේ රාජ්‍ය බැංකුයි.  අද මහජන බැංකුවේ සභාපතිධූරය දරන්නේ දුම්රියට ආදරය කරන කෙනෙත්.  දුම්රිය ඉතිහාසය පිළිබඳව හොඳට දන්න කෙනෙක්.  ඒ නිසා එතුමා සම`ග එතුමා නායකත්වය ලබාදෙන මහජන බැංකුවත් සමඟ කටයුතු කිරිමට ලැබීම ගැන මම ඉතාමත් සන්තෝෂ වෙනවා.

දුම්රිය ජාතික කෞතුකාගාරය ඉදිකිරීමට මහජන බැංකුව කැමැත්ත පළකර තිඛෙනවා.  දුම්රිය දෙපාර්තමේන්තුවට අපිට එය විශාල ප‍්‍රගමනයක් ගෙන දෙන්නක්.  එය ඉතාම වැදගත් .  දුම්රිය ඉතිහාසයට ඒ ගැන අපි සතුටුවෙනවා.
 
මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා — අද දුම්රිය දෙපාර්තමේන්තුවට වාගේම අපේ මහජන බැංකුවටත් ඵෙතිහාසික අවස්ථාවක්.  දුම්රිය මගීන්ගේ පහසුව සඳහා අපි අද දැවැන්ත වැඩපිලිවෙළක් ආරම්භ කිරිමටයි පියවර ගන්නේ.  අපි මේ සවිකරන්නේ අති නවීනතම තාක්ෂණයෙන් යුතු ලංකාවේ පළමුවරට හඳුන්වාදෙන ස්වයංක්‍රීය මුදල් ගැනීමේ හා තැන්පත් කිරීමේ  යන්ත‍්‍ර.  ඒ්වාගේම විදුලි,  ජල,  දුරකථන බිල්පත් ගෙවීමට හැකි පහසුකම් තිඛෙන ස්වයංක්‍රීය  යන්ත‍්‍ර සවි කරනවා.

දුම්රිය ස්ථාන භාවිතයට ගන්නා දස දහස් සංඛ්‍යාත මගී ජනතාවට බැංකු සේවා පහසුකම් කාර්්‍යක්ෂමව දුම්රිය පළේදී සිදුකරන්නට මින් හැකියාව   ලැබෙනවා.

මේ අවස්ථාවට ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර,  මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී එන්.වසන්ත කුමාර් යන මහත්වරු ඇතුළු  පිරිසක් එක්ව සිටියහ.