නෞකාවෙන් වැටී විදෙස් ජාතිකයා මරු දකියි

නෞකාවෙන් වැටී විදෙස් ජාතිකයා මරු දකියි

January 18, 2017   04:51 pm



නෞකාවකින් මුහුදට වැටීමෙන් විදෙස් ජාතිකයෙකු මියයාම සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

48 හැවිරිදි විදෙස් ජාතිකයෙකු මෙලෙස මියගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් ගාල්ල පොලීසියට ලැබුණූ පැමිණිල්ලකට අනුව අදාළ විමර්ශනය ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඊජිප්තුවේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබූ චෙන්නෝවා නැමැති නෞකාවේ ආරක්ෂාව සඳහා සිටි පුද්ගලයින් තිදෙනෙකු ගාල්ල වරායට රැගෙන ඒම සඳහා තවත් යාත්‍රාවක් ගොස් ඇති බව සඳහන්ය.

ඒ අනුව අදාළ පුද්ගලයින් තිදෙනා නෞකාවෙන් යාත්‍රාවට නංවා ගැනීමට උත්සහ කිරීමේදී එක් පුද්ගලයෙකු මුහුදට වැටී මියගොස් ඇති බව වාර්තා වී ඇත.

මියගිය පුද්ගලයා ක්වේෂියන් ජාතිකයෙකු වන අතර මළ සිරුර මේ වන විට අදාළ නෞකාවේ තබා ඇති බව පොලීසිය සඳහන් කළේය.