ගව මස් ප්‍රවාහනය කරද්දී මාට්ටු

ගව මස් ප්‍රවාහනය කරද්දී මාට්ටු

January 18, 2017   02:58 pm



ඉහළ කොත්මලේ ජලාශයේ නැරඹුම් මැදිරිය අසල මාර්ගයේදී නීති විරෝධී ලෙස ගවමස් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා තලවකැගේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී ගවමස් කිලෝග්‍රෑම් 135ක් සමග ප්‍රවාහනය කළ ලොරි රථය පොලිස් විශේෂ කාර්යය බලකාය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා තලවකැලේ පොලීසිය වෙත බාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.