ආගමික ස්ථානවලට සූර්යබල කට්ටල නොමිලේ දෙයි

ආගමික ස්ථානවලට සූර්යබල කට්ටල නොමිලේ දෙයි

January 12, 2017   12:10 pm



ආගමික සිද්ධස්ථාන වෙත සූර්යබල කට්ටල නොමිලේ ප්‍රදානය කිරීමට අපේක්ෂා කරන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 සූර්යබලය ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ඔහු පවසයි.

 මහනුවර දළදා මාලිගාවට සහ මල්වතු අස්ගිරි මහාවිහාරවලට සූර්යබල කට්ටල ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.