නිධන් හෑරූ 4ක් කොටු

නිධන් හෑරූ 4ක් කොටු

January 10, 2017   10:37 am



මහියංගනය, වේවත්ත ප්‍රදේශයේදී නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මහියංගනය පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එහිදී කැණීම් සිදුකිරීම සඳහා යොදාගත් උපකරණ ද පොලීසිය බාරයට ගෙන තිබේ.

සැකකරුවන් අරාවත්ත, දඹාන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (10) දින මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.