ජයලලිතාට අසාධ්‍යයි

ජයලලිතාට අසාධ්‍යයි

December 5, 2016   04:05 pm



හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින තමිල්නාඩු ප්‍රධාන ඇමතිනි ජයලලිතා ජයරාම්ගේ තත්ත්වය අසාධ්‍ය බව ඇය ප්‍රතිකාර ලබන රෝහල නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කරයි.

හදිසි හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය ඊයේ සවස සිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබයි.

කෙසේ වුවද ඇයගේ තත්ත්වය බරපතළ බව එම නිවේදනය මගින් වැඩිදුරටත් අනාවරණය කර තිබේ.