දරු දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදුන් මව රිමාන්ඩ්

දරු දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදුන් මව රිමාන්ඩ්

October 23, 2016   02:56 pm


තම දරු දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී සියදිවි හානිකරගැනීමට උත්සාහ කළ බව කියන මවක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මඩොල්සිම, ඌවකැලේ වත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අදාළ කාන්තාව සිය තෙමස් වියැති පුත්‍රයාට සහ අවුරුදු දෙකහමාරක් වයසැති දියණියට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර පසුව ඇය ද එම ආයුධයෙන් තුවාල සිදුකරගෙන ඇති බව සඳහන්ය.

 තුවාල සහිතව සිටි තිදෙනා පිළිබඳ ප්‍රදේශවාසීන් විසින් මඩොල්සිම පොලීසියට දැනුම් දී තිබේ.

 ඒ අනුව කාන්තාව සහ දරුවන් දෙදෙනා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර මඩොල්සිම පොලීසිය මේ සම්බන්ධයෙන් සිදුකළ කරුණු දැක්වීමකට අනුව බදුල්ල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය විසින් සැකකාර කාන්තාව ලබන 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වෙයි.

ඇය කිසියම් මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට පොලීසිය සැක පළ කරන අතර අදාළ කාන්තාව බන්ධනාගාර නිලධාරිනියන්ගේ ආරක්ෂාව යටතේ බදුල්ල මහරෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බව සඳහන්ය.