ඉන්දීය ධීවරයින් 5ක් බේරා ගනියි

ඉන්දීය ධීවරයින් 5ක් බේරා ගනියි

June 24, 2016   04:24 pm




අනතුරට ලක් වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 05 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදාගෙන තිබේ.

උතුරු නාවික විධානයට අයත් වෙරළ මුර යාත්‍රාවක නාවිකයින් පිරිසක් විසින් අදාළ ඉන්දීය ධීවරයින් මුදාගෙන ඇති බව සඳහන්ය.

අදාළ යාත්‍රාවේ එන්ජිම ක්‍රියාවිරහිත වීමෙන් එය මෙරට මුහුදු සීමාවේ පාවෙමින් තිබූ බව නාවික හමුදාව සඳහන් කළේය.

නාවික හමුදාව විසින් මුදාගත් ඉන්දීය ධිවරයින් 05 දෙනා කන්කසන්තුරෙයි වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.