ජල ගැලීම් තත්ත්වය පහව යයි

ජල ගැලීම් තත්ත්වය පහව යයි

May 28, 2016   08:56 am



‍ඊයේ රාත්‍රියේ සිට ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාව නිසා කොළඹ අවට ප්‍රදේශ කිහිපයක මාර්ගවල පැවති ජල ගැලීම් තත්ත්වය මේ වන විට පහව ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ තුන්මුල්ල, ආමර් වීදිය හා පංචිකාවත්ත යන ප්‍රදේශවල මෙම ජල ගැලීම් තත්ත්වය පැවති බවයි.

කෙසේවෙතත් මෙම මාර්ගවල වාහන ගමනාගමනය මේ වන විට යථා තත්ත්වය පත් වී ඇති බව වාර්ථා වෙයි.