උඩවළව ජලාශයේ වාන් දොරටු විවෘතයි

උඩවළව ජලාශයේ වාන් දොරටු විවෘතයි

May 7, 2016   02:36 pm


උඩවළව ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.

වාන් දොරටු 4ක් අඩිය බැගින් විවෘත කර ඇති බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානෙයේ සහකාර අධ්‍යක්ෂ නිමල් බන්ඩාර මහතා සඳහන් කළේය.

ඊයේ(06) දිනයේ පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට  ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

එම නිසා වාන් දොරටු විවෘත කිරීමට සිදු වූ බව ඒ මහතා සඳහන් කළේය.

වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් වලවේ ගඟ භාවිතා කරන ජනතාව ඒ පිළිබඳව සැළකිලිමත් වන ලෙසද නිමල් බණ්ඩාර මහතා ඉල්ලීමක් කරයි.