කිරුළ...

කිරුළ...

March 10, 2019  

Bookmark and Share
යෞවනයේ සිහින සැබෑ කරන ගායන තාරකා පෙළහර දෙරණ ඩ්‍රීම් ස්ටාර් අටවැනි අදියරේ අවසන් මහා තරගය මෙරට ප්‍රේක්ෂකයන්ට දැවැන්ත ප්‍රාසාංගික අත්දැකීමක් උරුම කරදෙමින් ඊයේ (09) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

මෙවර යෞවනයේ සිහින තරුව ලෙසන් කිරුළ දිනාගත්තේ මාලඹේ තනුර මධුගීත් විසින්.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ රාත්‍රියේ පැවති අති උත්කර්ෂවත් අවසන් මහා තරගය සඳහා තරගකරුවන් තිදෙනෙකු සුදුසුකම් ලබා සිටියේය.

ඒ අනුව කිරුළ දිනාගැනීමට තනුර මධුගීත් සමත් වූ අතර අනු ශූරතාව හිමිවුයේ රවීන් තාරුකටයි.

ක්‍රිෂාදී රණතුංග තෙවන ස්ථානය දිනා ගත්තේය.

ලක්ෂ සංඛ්‍යාත තරගකරුවන් පිරිසක් අතරින් විනිශ්චය මණ්ඩලයේ සහ ප්‍රේක්ෂක මනාප මත ජයග්‍රාහකයින් තීරණය කෙරුණේය.

රූපවාහිනි රියලිටි තරග ඉතිහාසයේ ඉහළම ත්‍යාග මුදල් හිමිකර දෙමින් අතුරුගිරිය අරියානා රිසෝට් එපාට්මන්ට්හි රුපියල් මිලියන 15ක් පමණ වටිනා නිවසක් ඇතුළු තවත් ත්‍යාග රාශියක් ජයග්‍රාහකයින්ට පිරිනැමීම එහිදී සිදු විය.