ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක්  පත්කිරීමේ යෝජනාව සම්මතයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පත්කිරීමේ යෝජනාව සම්මතයි

March 9, 2016   06:48 pm

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පත් කිරිමේ යෝජනාව ජන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී මීට ටික වේලාවකට පෙර සම්මත වී තිබේ.


මෙම යෝජනාව පසුගිය ජනවාරි 12 හා 13 යන දින දෙකේ විවාදයට ලක් කෙරිණ.

පසුගිය ජනවාරි 9වන දා අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අදාළ යෝජනාවට පාර්ශව කිහිපයකින් සංශෝධන ඉදිරිපත් විය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත්කර ගැනීමේ අභිප්‍රාය වූයේ මෙරටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමය.

ඒ අනුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පාර්ලිමේන්තුව තුළින් මෙම කාර්ය ඉටු කරන අතර ඉන් පසුව ඉදිරිපත් කෙරෙන ව්‍යවස්ථාව ඇමැති මණ්ඩලය සම්මත කළ යුතුවේ.

අනතුරුව  පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය යුතු අතරම ජනමත විචාරණයකින්ද සම්මත විය යුතුය.