පාර්ලිමේන්තුව උණුසුම්!

පාර්ලිමේන්තුව උණුසුම්!

December 11, 2015   04:39 pm



එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් පහරදීමට තැත්කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මේවන විට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම උණුසුම් තත්ත්වය වර්ධනය වී ඇති අතර මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10ට කල්තැබීමට පියවර ගෙන ඇත.

මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා තාජුඩීන් සම්බන්ධයෙන් අදහස් පළ කිරීමත් සමග විපක්ෂ මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා විසින් එය අධිකරණයේ යන නඩු කටයුත්තක් බැවින් ඊට විරෝධය පළ කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය වර්ධනය විය.

මේ අතර ඇති වූ උණුසුම් වාතාවරණයෙන් පසුව යළි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කළද නැවතත් ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ දෙවන වතාවටත් පාර්ලිමේන්තුව ටික වේලාවකට කල්තැබීමට මූලාසනය විසින් පියවර ගෙන ඇත.