කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව කල්යයි

කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව කල්යයි

April 30, 2024   10:45 am

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන නියෝගය ප්‍රකාශ කිරීම මැයි මස 07 වන දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

එම නියෝගය අද (30) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

එහෙත් එය ප්‍රකාශ කිරීම මැයි මස 07 වන දා දක්වා කල්තබන බව අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා නිවේදනය කළේය.