මුදාහළ 39 දෙනාට බරපතළ ‍චෝදනා නෑ

මුදාහළ 39 දෙනාට බරපතළ ‍චෝදනා නෑ

November 26, 2015   04:51 pm



ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින රැඳවියන් 20 දෙනෙකු ඉදිරියේදී සිරදඬුවමකට සහ පුනරුත්ථාපනයට යටත්ව මුදා හැරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

බරපතළ නොවන චෝදනා එල්ල වී තිබූ සහ එම චෝදනා වලට වරද පිළිගත් පිරිසක් මෙලෙස මුදාහැරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා කියයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි රැඳවියන් 39 දෙනෙකු මීට පෙර අවස්ථා දෙකකදී දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කටයුතු කෙරිණ.

එලෙස මුදාහැරුණු 39 දෙනා සහ මුදාහැරීමට නියමිත 20 දෙනා බරපතළ චෝදනා එල්ල වූ පිරිසක් නොවන බව අමාත්‍යවරයා කියා සිටියේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ වන විට පුද්ගලයින් 204 දෙනෙකු බන්ධානාගාර ගතව සිටින බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.