තාප්පයක් දරුවෙකුගේ ඇඟට වැටී දරුවා මරුට

තාප්පයක් දරුවෙකුගේ ඇඟට වැටී දරුවා මරුට

October 1, 2015   12:56 pm




සමන්තුරෙයි, කාර්තිව් ප්‍රදේශයේදී තාප්පයක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තිබේ.

එම ළමයා පදිංචිව සිටි නිවස අසළ තිබූ විශාල මාර ගසක් තාප්පය මතට කඩා වැටී ඇති අතර තාප්පය අසළ සිටි දරුවා එහිදී අනතුරට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේය.

බරපතළ තුවාල ලැබූ කුඩා දරුවා සමන්තුරෙයි රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 06 හැවිරිදි පිරිමි දරුවෙකි.

සමන්තුරෙයි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.