ගෝඨාභය, දුමින්ද, රෝහිත හා ධනසිරි ජනපති කොමිසම හමුවට

ගෝඨාභය, දුමින්ද, රෝහිත හා ධනසිරි ජනපති කොමිසම හමුවට

September 3, 2015   09:49 am


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා 'බරපතළ වංචා සේවීමේ ජනාධිපති කොමිසම'ට පැමිණ තිබේ.

'රක්නා ලංකා'සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අද (03) පෙරවරුවේ රාජපක්ෂ මහතා කොමිසම හමුවට පැමිණි බව අද දෙරණ වාර්තාකරු කියයි.

මේ සම්බන්ධයෙන් පසුගිය මස 24 වනදා ද ගෝඨාභය රාජපක්ෂ මහතා ‘බරපතළ වංචා සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසම‘ වෙත ප්‍රකාශයක් ලබාදී තිබුණි.

 මේ අතර අදාළ කොමිසම වෙත මේ වන විට දුමින්ද සිල්වා, ධනසිරි අමරතුංග, රෝහිත බෝගොල්ලාගම ඇතුළු පිරිසක් ද කැඳවා ඇති බව අද දෙරණ වාර්තා කරු පැවසුවේය.