තවත් හොර සල්ලි තොගයක් මතුවෙයි

තවත් හොර සල්ලි තොගයක් මතුවෙයි

August 31, 2015   10:27 am



වාලච්චේන, ඔට්ටමාවඩි ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

වෙළඳසැලට පැමිණ ව්‍යාජ රුපියල් 500 ක නෝට්ටුවක් ලබාදී භාණ්ඩ මිලට ගැනිමට යාමේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව  පොලිසිය පැවසුවේය.

එහිදී සැකකරු සතුව තිබී ව්‍යාජ රුපියල් 5000   නෝට්ටු 12 ක්, රුපියල් 1000 සේ නෝට්ටු 15 ක් සහ රුපියල් 500 යේ නෝට්ටු 06 ක් පොලිස් බාරයට ගෙන තිබේ.

සැකකරු මුතූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු අද වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර වාලච්චේන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.