සනා ඉල්ලා අස්වෙයි!

සනා ඉල්ලා අස්වෙයි!

July 6, 2015   11:17 am


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාතර ශ්‍රීලනිප සංවිධායක සනත් ජයසූරිය මහතා ස්වකීය පක්ෂ සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සියලු දේශපාලන කටයුතු වලින් තමා ඉවත්වන බවත්, ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කිරීමට අපේක්ෂාවක් නොමැති බවත් ජයසූරිය මහතා කියා සිටියි.

මේවන විට විදේශගතව සිටින සනත් ජයසූරිය මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදී මේ බව සඳහන් කළේය.