මධ්‍යම ශ්‍රීලනිප මන්ත්‍රීන් පිරිසක් එජාපයට එක්වුණා

මධ්‍යම ශ්‍රීලනිප මන්ත්‍රීන් පිරිසක් එජාපයට එක්වුණා

May 21, 2015   09:37 am




මධ්‍යම පළාත් සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බව එම පළාත් සභාවේ විපක්ෂ නායක රංජිත් අළුවිහාරේ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරියේදී තවත් මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වන බවයි.

අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජිත් අළුවිහාරේ මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාද ඊයේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි නාහිමියන් බැහැ දුටුවේය.

උන්වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ ඉදිරි මහමැතිවරණයට තමන් අනිවාර්යයෙන් ඉදිරිපත් වන බවයි.