රිය අනතුරු වලින් 4ක් මරුට

රිය අනතුරු වලින් 4ක් මරුට

May 19, 2015   10:58 am



ප්‍රදේශ කිහිපයකදී සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් තිබේ.

තංගල්ල - බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ පොලොංමාරුව ප්‍රදේශයේ දී යතුරුපැදියක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇත.

 මාර්ගය අසල නවතා තිබු ත්‍රීරෝද රථයක් එක් වරම මාර්ගයට ගන්නා අවස්ථාවේ දී අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබු පසුපැදිකරු ද තංගල්ල රෝහලට ඇතුළත් කර ඇත.

 අනතුරට වගකිව යුතු ත්‍රි රෝද රථය පළාගොස් තිබේ.

මේ අතර මාතර - ගාල්ල ප්‍රධාන මාර්ගයේ ශාන්ත තෝමස් හංදිය අසල දී ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් 42 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇති බව මාතර පොලීසිය සඳහන් කළේය.

 මියගිය පුද්ගලයා කඹුරුගමුව මඩිහ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

එසේම වක්වැල්ල - කලෙයිගාන මාර්ගයේ මාම්පිටිය ප්‍රදේශයේ දී යතුරුපැදියක ගැටීමෙන් 85 හැවිරිදි පදිකයෙකු මියගොස් ඇත.

 මේ අතර උහන, වලගම්පුර ප්‍රදේශයේ දී යතුරුපැදියක් ගසක ගැටීමෙන් සිදුවු අනතුරකින් 28 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව උහන පොලීසිය පැවසීය.