පෝෂණ මල්ලක් නිසා පුද්ගලයෙක් රෝහලේ

පෝෂණ මල්ලක් නිසා පුද්ගලයෙක් රෝහලේ

March 29, 2015   03:19 pm

මීගමුව ප්‍රදේශයේ  පැවැත්වුණු පෝෂණ මළු බෙදාදිමේ වැඩ සටහනකදී ඇති වු ගැටුමකින් පුද්ගලයකු තුවාළ ලබා තිබේ.

ප්‍රදේශයේ ප්‍රජාසේවා මධ්‍යස්ථානයකදී මිගමුව නගරාධිපති ඇන්ටනී ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබු බව සඳහන්ය.

කෙසේ වෙතත් එම ස්ථානයට හිටපු අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාද පැමිණ ඇති අතර ඔහු නික්ම ගිය පසු ඔහුගේ ආධාරකරුවෙකු එම ස්ථානයේ සිටි පුද්ගලයකුට පහරදි තිබේ.

පහරකෑමට ලක්වු පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව  පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මිගමුව පොලිසිය විමර්ශන සිදුකරයි.