එදා ජනපතිගේ දිනක වියදම රු ලක්ෂ 287යි - අද රු 2500යි

එදා ජනපතිගේ දිනක වියදම රු ලක්ෂ 287යි - අද රු 2500යි

January 27, 2015   11:24 am

මාතර, වෙහෙරහේන - මාකාවිට ප්‍රදේශයේ අඩු බර දරුවන්ට අධි පෝෂණ වියළි ආහාර ලබාදීම වෙනුවෙන් පැවැති ජනහමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

"අපි කියනවා මේ දවස් 100 වැඩපිළිවෙළ තුළ තමුන්නාසේලාගේ වැඩපිළිවෙළ තමුන්නාසේලා බලාපොරොත්තු වෙන ප්‍රශ්න විසඳීම සඳහා අපි දැනටමත් මුල පුරල තියෙනවා. ඒක තමුන්නාසේලාට දකින්න පුළුවන්. එදා ජනපති පදවිප්‍රාප්තියට රුපියල් කෝටි 60 කට වියදම් වෙද්දි රුපියල් 6000 කින් ජනපති පදවිප්‍රාප්තිය සැමරීම තුළ අපි ආසියාවේ සැබෑ ආශ්චර්ය පෙන්නල තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මිත්‍රවරුනි මේ ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේ 9 වෙනිදා. තාම 9 වෙනිදා ඉඳලා ගණන් හදල බැලුවොත් අපි ගත කරලා තියෙන්නේ දවස් 15 යි. 9 වෙනිදා ඉඳලා 19 වෙනිදට දවස් 10යි, 19 වෙනිදා ඉඳලා අද 26 වෙනිදට හරියටම බැලුවොත් දවස් 5 යි. දැන් බැලුවාම දවස් 15 යි.

මිත්‍රවරුනි මේ දවස් 15 ට මේ රටේ ඉතිරි කරපු සල්ලි ප්‍රමාණය , ජනාධිපතිවරයාගේ දවසේ වියදම ලක්ෂ 287 ක් තිබුණා. රටේ ජනාධිපතිවරයගේ දවසේ වියදම රුපියල් 2500 ට අඩු කරල තියෙනවා. බලන්න වෙනස. ජනාධිපතිවරයා දවසට රුපියල් ලක්ෂ 287 ක් වියදම් කරපු රටක, ජනාධිපතිවරයාගේ දවසේ වියදම රුපියල් 2500ට අඩුවෙලා තියෙනවා. එහෙනම් මේ දවස් 15 ඉතිරි කරපු සල්ලි ටිකත් ඇති මේ රටේ සියලු දෙනාට වේල් 3ක් නිකන් කන්න දෙන්න. දළ වශයෙන් හරියට ගණන් හදල බැලුවොත්.

ජනාධිපතිවරයට, අමාත්‍යාංශවලට කරපු වියදම් ඉතුරු උනා නම් තුන් වේල නිකන් එක දවසක් කන්න දෙන්න විතරක් නෙමෙයි මම හිතන්නෙ ඊටත් වඩා දේවල් කරන්න පුළුවන්."