කොළඹ - මොණරාගල බස් වර්ජනයක්

කොළඹ - මොණරාගල බස් වර්ජනයක්

November 27, 2014   10:03 am

කොළඹ - මොණරාගල පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න මහතා සඳහන් කළේ අද උදෑසන සිට මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මාර්ග සංශෝධනයක් සිදුකර නව බස් රථ බලපත්‍රයක් ලබාදීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ගැමුණූ විජේරත්න මහතා සඳහන් කළේය.

අදාළ බලපත්‍රය අහෝසි කරන තෙක් වර්ජනය අත් නොහරින බව වර්ජනයේ නිරත බස් රථ සේවකයින් පවසයි.