අනුරපුර මහරෝහලේ මහාචාර්ය ඒකකයේ ගින්නක්

අනුරපුර මහරෝහලේ මහාචාර්ය ඒකකයේ ගින්නක්

November 20, 2014   07:24 am

අනුරාධපුර මහ රෝහලේ මහල් 6 න් යුතු ගොඩනැඟිල්ලක් වන 'මහාචාර්ය ඒකකයේ'හදිසි ගින්නක් හටගෙන තිබේ.

එහි පහත මාලයේ එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍රය සවිකොට පැවති කොටසේ අද (20) අළුයම මෙම ගින්න හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අනුරාධපුර මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය,රෝහල් කාර්ය මණ්ඩලය හා පොලීසිය එක්ව මේවන විට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය කියා සිටියි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.