ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායම ගැන වසීම් අක්‍රම්ගෙන් ඉඟියක්

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායම ගැන වසීම් අක්‍රම්ගෙන් ඉඟියක්

May 4, 2024   07:52 pm

පාකිස්තාන හිටපු ක්‍රිකට් නායක වසීම් අක්‍රම්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ශ්‍රී ලංකා පුහුණුකරුවන් සහ පන්දු යවන්නන්ට කොළඹදී විශේෂ පුහුණු සැසියක් පැවැත්වුණි.

එහිදී අදහස් දක්වමින් වසීම් අක්‍රම් සඳහන් කර තිබුණේ මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට වැඩි අවස්ථාවක් තිබෙන බවය.

වසීම් අක්‍රම්,

"මොවුන් හරිම උනන්දුයි. ඒ වගේම මම ඔවුන්ගේ හැකියා පිළිබඳව පුදුමයට පත්වනවා. එම හැකියා හොඳින් වර්ධනය කරගතහොත් ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ට ජාත්‍යන්තර ක්‍රිකට්වල ඉහළම ස්ථානයට ළඟාවෙන්න පුළුවන්. මම හිතන්නේ මෙවර 20-20 තරගවලියේදී ශ්‍රී ලංකාවට දගපන්දු යැවීමේ සහ වේගපන්දු යැවීමේ හැකියා සහ පිතිකරණය සමග ඔවුන්ට පහසුවෙන්ම අවසන් පූර්ව තරගවටයට සුදුසුකම් ලැබීමට පුළුවන්."