ඕස්ට්‍රේලියාවේ  හිටපු කීර්තිමත්  අගමැතිවරයෙකු අභාවප්‍රාප්තවෙයි
සයුරෙන් එතෙර

ඕස්ට්‍රේලියාවේ හිටපු කීර්තිමත් අගමැතිවරයෙකු අභාවප්‍රාප්තවෙයි

October 21, 2014   11:16 am

ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරයෙකු වන ගොෆ් විට්ලම් මහතා අද(21) අභාවප්‍රාප්ත වී තිබේ.

ගොෆ් විට්ලම් මහතා අභාවප්‍රාප්ත වන අවස්ථාවේ 98 වියෙහි පසුවිය.

1972 වර්ෂයේ සුදු ඕස්ට්‍රේලියානු ආගමන ප්‍රතිපත්තිය (White Australia immigration policy ) අහෝසි කරමින් ආසියානුවන්ට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණයවීමේ අවස්ථාව ගොෆ් විට්ලම් මහතා විසින් හිමිකර දෙන ලදී.

ගොෆ් විට්ලම් මහතාගේ එම ක්‍රියාමාර්ගය හේතුවෙන් මිලියන ගණනක ආසියානුවන් මෙන්ම ශ්‍රී ලාංකිකයින්ටද ඕස්ට්‍රේලියාවට සංක්‍රමණයවීමට හැකියාව හිමිවිය.

එසේම ඕස්ට්‍රේලියාව තුළ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය, නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය ආදිය ඕස්ට්‍රේලියාවට හඳුන්වාදුන්නේද අභාවප්‍රාප්ත වු ගොෆ් විට්ලම් මහතා විසින්ය.

මේ හේතුවෙන් ගොෆ් විට්ලම් මහතා ඕස්ට්‍රේලියානු ජනතාව තුළ ඉතිහාසගත වන බවද විදේශ වාර්තා පෙන්වා දෙයි.